Sherlock Holmes – රතු හිසකෙස් සංගමය

“ඔහු කලකට ඉහතදී මහන්සි වෙලා කරන රස්සාවක් කරලා තියෙනවා, ඒ වගේම පුරැද්දට වගේ නිතර නාසයට දුම් කුඩු උරනවා. ඔහු ෆ්‍රීමේසන් සංගමයේ සාමාජිකයෙක්. ඔහු චීනෙට ගිහින් තියෙනවා. ඒ වගේම ළඟකදී ඉඳන් ඔහු විශාල වශයෙන් ලිවීමේ කටයුත්තක නිරතව‌ෙමින් ඉදලා තියෙනවා. ඒ කරුණු ඇරෙන්න මට වෙන යමක් කියන්න අමාරැයි.”

ජේබ්ස් විල්සන් මහතා එක්වරම පුටුවෙන් නැගී සිටියේය. ඔහුගේ දබරැඟිල්ල පුවත්පත මත තිබුණද, දෑස් යොමුවී තිබුණේ මගේ මිත්‍රයා වෙතය.

“දෙවියන්ගේ නාමයෙන් කියන්න හෝම්ස් මහත්මයා, ඔබ කොහොමද ඒ ඔක්කොම දන්නේ?” ඔහු ඇසුවේය. 

“මම කලකට ඉහතදි මහන්සි වෙලා වැඩ කරපු බව නම් ඇත්තම ඇත්ත. මොකද මම වැඩ කරන්න පටන් ගත්තේ නැවක වඩුවෙක් විදිහට. ඒත් ඔබ කොහොමද මේ දේවල් දන්නේ.”

“මං ඒ බව දැනගත්ගේ ඔබේ දෑත් වලින් මහත්මයා. ඔබේ වම් අතට වඩා දකුණු අත තරමක් ලොකුයි. ඒ කියන්නේ ඔබ ඒ අතින් වැඩියෙන් වැඩ කරලා තියෙන නිසා එහි මාංශ පේශි හොඳට වර්ධනය වෙලා.”

“හොදයි. එතකොට අර දුම්කුඩු උරන එකයි ෆ්‍රීමේසන් සංගමයේ සාමාජිකයෙකු බවයි දන්නේ කොහොමද?”

“මම ඒක දැනගත්තේ කොහොමද කියලා පැහැදිලි කරන්න ගිහින් ඔබේ බුද්ධියට අපහාස කරන්න මං කැමති නෑ. ඔබේ සංගමයේ නීති වලට විරුද්ධ වුණත්, ඔබ ඔය පැළදසිටින ටයිකටුවේ කවකටුවයි මේසන් කොදුවේ පින් එකක් ගහගෙන ඉන්න එකෙනුයි ඔබ ඒ සංගමයේ සාමාජිකයෙක් බව පැහැදිලියිනේ.”

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!